/
/
title icon
තහනම් කරන්නැයි කෙරූ ඉල්ලීමත් ක්‍රිකට්වලින්මයි - ක්‍රිකට් සභාපතිත් රැස්වීමේ ඉඳලා
තහනම් කරන්නැයි කෙරූ ඉල්ලීමත් ක්‍රිකට්වලින්මයි - ක්‍රිකට් සභාපතිත් රැස්වීමේ ඉඳලා
News Editor
2 years ago
Share:
තහනම් කරන්නැයි කෙරූ ඉල්ලීමත් ක්‍රිකට්වලින්මයි  - ක්‍රිකට් සභාපතිත් රැස්වීමේ ඉඳලා

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත සිදු කළ බව 'ක්‍රික්ඉන්ෆෝ' වෙබ් අඩවිය වාර්තා කළා.

මේ වනවිටත් ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා මෙම තීරණය ගැනීම සඳහා රැස්වූ කමිටු රැස්වීමට සහභාගී කරවාගෙන ඇති බවද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙනවා.  

එමෙන්ම, ඉදිරියේ දී අහමදාබාද්හි පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම සඳහාද ඔහු සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.  

ශ්‍රී ලංකාවේ 2014 – 2015 කාලය තුළ ක්‍රිකට් අතුරු කමිටුවක් ක්‍රියාත්මක වූ අවස්ථාවේ එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් පිළිගෙන ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය තවදුරටත් පෙන්වා දෙනවා.  

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩව තරග පරාජය වීමත් සමග හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ සභාපතීත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට ක්‍රිඩා අමාත්‍ය ‍රොෂාන් රණසිංහ මහතා පියවර ගනු ලැබුවා.  

කෙසේ වෙතත්, ඊට එරෙහිව ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට පියවර ගැනීමත් සමග අතුරු පාලක මණ්ඩලය දින 14 කට අත්හිටුවමින් අතුරු තහනමක් පැනවීමට නියෝග කෙරුණා.

අනතුරුව මේ පිළිබඳ පාර්ලිමේතුවේ අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම පිළිබඳ යෝජනාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.  

මෙවන් පසුබිමක් තුළයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගනු ලැබුවේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරීත්වය, ස්වාධීනත්වය, එහි පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් නොමැති බවට තහවුරු විය යුතු බවයි.  

මීට අදාළ කරුණු තවදුරටත් සලකා බැලීම ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බව එම කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.  

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මාර්ගගත ක්‍රමය ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඉන් අනතුරුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required