/
/
title icon
තීරණාත්මක 2024 අයවැය - රාජ්‍ය සේවක වැටුප 10,000 කින් ඉහළට
තීරණාත්මක 2024 අයවැය - රාජ්‍ය සේවක වැටුප 10,000 කින් ඉහළට
News Editor
2 years ago
Share:
තීරණාත්මක 2024 අයවැය - රාජ්‍ය සේවක වැටුප 10,000 කින් ඉහළට
  • 2 years ago

    අයවැය කතාව අවසන් - රට නගන වැඩපිළිවෙලට එක්වන්නැයි ජනපති ආරාධනා

    රට නගන වැඩපිළිවෙලට එක්වන ලෙස ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් විපක්ෂයෙන් ඉල්ලා සිටියා. 

    අයවැය කතාව අවසන් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ රට නගන වැඩපිළිවෙලේදී එහි හවුල්කාරයින් වන ලෙසට විපක්ෂයට ආරාධනා කරන බවයි. 

  • 2 years ago

    පොහොර සහනාධාරයට රුපියල් මිලියන 19,500 ක්

    2024 වර්ෂය සඳහා වන අයවැයෙන් පොහොර සහනාධාරය සඳහා රුපියල් මිලියන 19,500 ක් වෙන් කිරීමට පියවර ගැනුණා. 

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අයවැය ඉදිරිපත් කරමින් තවදුරටත් කියා සිටියේ දහම් පාසල් ගුරුවරුන් සඳහා සහන ලබාදීමට රුපියල් මිලියන 635 ක් අයවැයෙන් වෙන් කෙරෙන බවයි. 

  • 2 years ago

    අලුත් ඉඩම් නීතියක්

    නව ඉඩම් නීතියක් හඳුන්වාදෙන බවත්, නව නීති 60 ක් හඳුන්වාදීමටත් කටයුතු කරන බව අයවැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා. 

  • 2 years ago

    රාජ්‍ය බැංකු දෙකේ කොටස් 20%ක් විකිණේ

    රාජ්‍ය බැංකු දෙකේ කොටස්වලින් 20%ක් උපාය මාර්ගික අයෝජන සඳහා ලබාදීමට මෙවර අයවැය මගින් යෝජනා කෙරුණා.

  • 2 years ago

    සුරක්ෂා රක්ෂණය යළිත්

    2034 වසර වනවිට ඉංග්‍රීසි සාක්ෂරතාව සැමට ලබාදීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට අයවැයෙන් යෝජනා කෙරුණා. 

    එසේම, පාසල් සිසුන් සඳහා දැනට ක්‍රියාත්මක නොවන සුරක්ෂා රක්ෂණ ක්‍රමවේදය නැවත හඳුන්වාදීමටද අයවැය මගින් ජනාධිපතිවරයා යෝජනා කළා. 

  • 2 years ago

    හොරකම් කරන්න එපා - ජනපති ඉල්ලයි

    රටේ අනාගත දියුණුව උදෙසා හොරකම් නොකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. 

    එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ රජයේ නාස්තිකාර වියදම් අවම කිරීමට කටයුතු කළ යුතු බවයි. 

    පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්වල බර රටේ ජනතාව මත පැටවී ඇති බවද මෙහිදී ජනාධිපතිවරයා සිහිපත් කළා. 

  • 2 years ago

    රාජ්‍ය සේවක වැටුප 10,000 කින් වැඩි කෙරේ

    රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව අප්‍රේල් සිට රුපියල් 10,000 කින් ඉහළ දමන බව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළා. 

    එසේම, විශ්‍රාමිකයින්ගේ වියදම් දීමනාව රුපියල් 2500 කින් ඉහළ දමන බව සඳහන් කළ ජනාධිපතිවරයා එයද අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන බව කියා සිටියා. 

  • 2 years ago

    තීරණාත්මක 2024 අයවැය

    2024 වර්ෂය සඳහා අයවැය ලේඛනය මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මෙවර අයවැය ඉදිරිපත් කරන්නේ දෙවැනි වරටයි.

    මෙවර ඉදිරිපත් කෙරෙන්නේ 78 වැනි අයවැය ලේඛණයයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required