ශ්‍රී ලංකාවට මාස 48ක විස්තීර්ණ ණය පහසුකම සැපයීම පිළිබඳ විධිවිධාන සම්බන්ධ පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අද රැස්වීමට නියමිතයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ දින දර්ශනයේ මේ බව සඳහන් කර ඇති අතර ඒ යටතේ කාර්ය සාධන නිර්ණායක පිළිපැඳීමෙන් නිදහස් වීම සහ වෙනස් කිරීම, මූල්‍ය සහතික සමාලෝචනය සහ නැවත සකස් කිරීම මෙන්ම ප්‍රවේශය පිළිබඳ සලකා බැලීමට නියමිතව ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාව බංකොළොත් රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු පැමිණි එකඟතාවන්ට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය ආධාරයක් ලබාදීමට තීරණය කර තිබුණා.
එහි පළමු වාරිකය මීට පෙර හිමිව තිබූ අතර අද රැස්වන විධායක කමිටුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 330ක දෙවන ණය වාරිකය මුදා හැරීම පිළිබඳ තීරණයකට එළඹීමට නියමිතයි.