/
/
title icon මැරෙන්න කලින් ජීවත් වෙන්න !
මැරෙන්න කලින් ජීවත් වෙන්න !
Sanduni Dissanayake
4 months ago
Share:
මැරෙන්න කලින් ජීවත් වෙන්න !

මැරෙන්න කලින් ජීවත් වෙන්න !

ඔයාට කවද හරි දැනිලා තියෙනව ද ඔයාගේ  මනස එක තැනක නැවතිලා කියලා ?  මොන වැඩේ කළත් එක තැනක මොකක්දෝ හිර වීමක් නිසා කරන කිසිම දේක ප්‍රයෝජනයක් නෑ කියලා හිතෙනවා කියලා. ඔලුව අස්සට අත දාලා ඒ එක තැනක නතර වෙලා තියෙන එක කනපිට ගහන්න  ඕනි කියලා. ඒ දැනෙන දේ එක්ක ජීවිතේ හරි අමාරුයි කියලා. ජීවත් වෙන එකට වඩා මැරෙන එක හොඳයි කියලා . මම හිතනවා මෙහෙම දැනෙන තැන් මිනිස්සුන්ට එන්න ඕනි ! ජීවිතේ මොන තරම් දේවල් ලැබුණත් එක දෙයක් තරම් ඒ කිසිම දෙයක් වටින්නේ නෑ කියලා දැනෙන්නම ඕනි !හැබැයි ඒ එකම දේ නිසා ජීවිතේ කණපිට ගහන්නම ඕනි ! එදා ඉදන් බලාපොරොත්තු නැති වුණත් යාන්ත්‍රික ව උන් වැඩ කරන්න ගන්නවා! මොක ද එතකොට ඒ කෙනා ජීවිතේ  පැහැදිලි වුණු තැන, කණපිට හැරුණු තැන හරියටම දන්නවා. රැවටෙන තැන් දරාගන්න ඕන තැන් අදුනනවා !

හැබැයි ඔයා ජීවිතේ අතාරින්නැතුව අල්ලන් ඉන්නම ඕනි ඊළඟට එන ලස්සනම කාලෙට හැඩ වෙන්න !

ඊට පස්සේ තමයි හොඳම ටික පටන් ගන්නේ! ඔයා ඔයා වෙනුවෙන් වැඩ කරන්න ගන්නේ ! ජීවත් වෙන්න පටන් ගන්නේ! කල්පනා කරනවාට වඩා ජීවතේ ලස්සන කරගන්න පුංචි පුංච් දේවල් අත්හදා බලන්න ගන්නේ ! අලුත් බලාපොරොත්තු එක්ක ඔයාට ඔයා වෙන්න බැරි වුණු තැන් අදුනගන්නේ ! වැහිලා ගියපු ඔයාගෙ හැකියාවන් එක්ක ජීවිතේ ආයෙමත් වතාවක් ගොඩයන්න ඕනි කියලා හිතෙන්නේ! ඔන්න, දැන් ඇවිත් තියෙන්නේ හොඳ අවස්ථාවක් !

මොකටද දන්නව ද?
මැරෙන්න කලින් ජීවත් වෙන්න ! ඔයාගෙම ක්‍රමයකට !
ඉතින් අපි උත්සහ කරලා බලමු ද? 
මේ දැන්ම !

- සදුනි දිසානායක -

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required