/
/
title icon
IPL වෙන්දේසියට ශ්‍රී ලංකාවේ නම් මෙන්න
IPL වෙන්දේසියට ශ්‍රී ලංකාවේ නම් මෙන්න
News Editor
2 years ago
Share:
IPL වෙන්දේසියට ශ්‍රී ලංකාවේ නම් මෙන්න

ලොව පුරා ක්‍රිකට් රසිකයින්ගේ අවධානය දිනාගත් ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩක ලැයිස්තුව තරග සංවිධායකයින් විසින් ඉදිරිපත් කළා.

මෙම වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 333ක් ඉදිරිපත් කර ඇති අතර ඉන් ක්‍රීඩකයින් 214ක්ම ඉන්දීය ක්‍රීඩකයින්.

වෙන්දේසියට ඉදිරිපත් කිරීමට නියමිත විදෙස් ක්‍රීඩකයින් 119 දෙනා අතරින් 8 දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ලබා දී ඇති ඉහළම වෙන්දේසි මුදල වන්නේ ඉන්දීය රුපියල් කෝටි 1.5ක්.

එම අගය සහිත කාණ්ඩයෙන් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත්තේ වනිඳු හසරංගයි.

සෙසු ක්‍රීඩකයින් 7ම ඉන්දීය රුපියල් ලක්ෂ 50ක කාණ්ඩයෙන් මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇත.

කුසල් මෙන්ඩිස්, ඩිල්ශාන් මදුශංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර සහ නුවන් තුෂාර මෙලෙස ශ්‍රී ලංකාවෙන් IPL වෙන්දේසියට නම්කර ඇති සෙසු ක්‍රීඩකයින් වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required