/
/
title icon
වැලිගම වෙඩි තැබීමක් දෙකක් රෝහලට
වැලිගම වෙඩි තැබීමක් දෙකක් රෝහලට
News Editor
1 year ago
Share:
වැලිගම වෙඩි තැබීමක් දෙකක් රෝහලට

යතුරුපැදියකින් පැමිණී නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඊයේ රාත්‍රි සිදුකළ වෙඩි තැබීමකින් වැලිගම මුහුදු මාවතේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි මාලු අලෙවිසැලක ව්‍යාපාරිකයකු සහ සහායකයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි මාළු අලෙවිසැලක රාත්‍රි 9.15 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය කියා සිටියේ.

වෙඩි තැබීමෙන් 40 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකු සහ 52 හැවිරිදි සහයකයෙකු තුවාල ලබා වැලිගම වලාන රෝහලට ඇතුළත් කර තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මාළු මිලට ගැනීමට පැමිණි බවට අඟවමින් මෙම වෙඩි තැබීම සිදු කොට පළාගොස් ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required