/
/
title icon
අවුරුද්දට තෑගි දෙමින් ඉන්ධන මිල ඉහළට - ගෑස් මිලත් වැඩිවෙන හැටිත් ඉක්මනට
අවුරුද්දට තෑගි දෙමින් ඉන්ධන මිල ඉහළට - ගෑස් මිලත් වැඩිවෙන හැටිත් ඉක්මනට
News Editor
2 years ago
Share:
අවුරුද්දට තෑගි දෙමින් ඉන්ධන මිල ඉහළට - ගෑස් මිලත් වැඩිවෙන හැටිත් ඉක්මනට

සිපෙට්කෝ ඉන්ධන මිල අද අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. 

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ නංවා ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 366 ක්. 

ඔක්ටේන් 95  වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියයල් 38කින් ඉහළ දමා තිබෙනවා. 

එහි නව මිල වන්නේ රුපියල් 464ක්. 

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් ඉහළ දමා ඇති අතර සුදු ඩීසල් ලිටරයක නව මිල රුපියල් 358ක් වනවා. 

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 41කින් වැඩි කර ඇති අතර, එහි නව මිල රුපියල් 475ක්. 

භූමිතෙල් මිල රුපියල් 11කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 236ක්. 

මේ අතර, අද දිනයේ සිටම ලිට්රෝ ගෑස් මිලද ඉහළ නැංවීමට සිදුවන බව එම සමාගම පවසනවා. 

ඒ අනුව අද පස්වරුව වනවිට සංශෝධිත නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required