/
/
title icon
දකුණේ නිදහස් පක්ෂයේ “ෂාන්” සජිත්ට මනාපය දෙන ලකුණු
දකුණේ නිදහස් පක්ෂයේ “ෂාන්” සජිත්ට මනාපය දෙන ලකුණු
News Editor
2 years ago
Share:
දකුණේ නිදහස් පක්ෂයේ “ෂාන්” සජිත්ට මනාපය දෙන ලකුණු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වූ ෂාන් විජයලාල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට අද දිනයේදී එක්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්බලන්ගොඩ ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ ෂාන් විජයලාල් ද සිල්වා මහතා දකුණු පළාත් ප්‍රධාන ඇමතිවරයා ලෙස තුන් වතාවක් වසර 15ක කාලයක් අඛන්ඩව දකුණු පළාත් මහ ඇමතිවරයා ලෙස කටයුතු කළා. 

අනතුරුව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය දැරෑ ඒ මහතා අද සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගයට එක්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. 

ඔහුට සමගි ජන බලවේගය අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක ධුරය ලබා දීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required