/
/
title icon ඇෆ්ගන් කණ්ඩායම දිවයිනට
ඇෆ්ගන් කණ්ඩායම දිවයිනට
Editor
3 months ago
Share:
ඇෆ්ගන් කණ්ඩායම දිවයිනට

ටෙස්ට් තරගයකට, එක්දින තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම අද අලුයම  දිවයිනට පැමිණියා.

ක්‍රීඩකයන් පුහුණුකරුවන් සහ නිලධාරීන් ඇතුළු 28 දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත් වී සිටියා.

මෙම තරගාවලියේ ටෙස්ට් තරගය එළඹෙන පෙබරවාරි මස 02 දින සිට 06 දින දක්වා කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවැත්වීමට නියමිත අතර එම තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිවනු ඇති.

එක් දින සීමිත ඕවර් 50 ක්‍රිකට් තරග 03 මහනුවර , පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පෙබරවාරි මස 09 , 11 සහ 14 ‍‍යන දින වලදී පැවැත්වීමට නියමිතයි.

විස්සයි විස්ස ක්‍රිකට් තරග 03 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පෙබරවාරි මස 17 , 19 සහ 21 යන දින වල පැවැත්වීමට සැළසුම් කර ති⁣බෙනවා.⁣

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required