/
/
title icon මොකක් ද මේ online safety පනත ?
මොකක් ද මේ online safety පනත ?
Jayani Perera
2 months ago
Share:
මොකක් ද මේ online safety පනත ?

මොකක් ද මේ “ Online Safety පණත” ?
සමාජ මාධ්‍ය භාවිතය අද වන විට ලෝකයේ ජනප්‍රියතම සන්නිවේදන මාධ්‍යයක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. මිනිසාගේ එදිනෙදා ජීවිතයේ සිදුවන කටයුතු සියල්ලම පාහේ මෙහෙයවීම අද වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අභිබවමින් සමාජ මාධ්‍ය ඔස්සේ  සිදුවෙමින් පවතී. ඒ නිසාම ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ආදියෙහි මෙන්ම ඒ ඔස්සේ උද්ගත වී ඇති ගැටළු ද රාශියකි. එබැවින් මෙම සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් තවමත් බොහෝ දෙනා තුළ ඇත්තේ සුබවාදී ආකල්ප නොවන බව නම් පැහැදිලි ය.

එහෙත් එසේ සිතීම සාධාරණ ද? එසේ නැත්තම් සමාජය තුළ පැතිරී ඇත්තේ හුඹස් බියක්ද?
මානව සංහතියේ ආරම්භයේ සිටම විවිධ තොරතුරු හුවමාරු කරගැනීමෙහි නිරත වූ මිනිසා සිය අදහස් ආකල්ප අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගනු ලැබුවේ සංඥා හා සංකේත භාවිතා කරමිනි. ප්‍රාථමික මිනිසා ක්‍රමයෙන් ශිෂ්ටාචාරය ගතවීමත් සමග තොරතුරු ලබා ගැනීමේ සන්නිවේදන ක්‍රමය වර්ධනය වන්නට විය. 21වැනි සියවසේ ආරම්භයත් සමඟ මුළු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්කරමින් අන්තර්ජාල මාධ්‍ය ලෝකයට දායක විය.
අන්තර්ජාලයේ මූලාරම්භයේ 1960 දක්වා විහිද ගියද එහිි ලෝක ව්‍යාප්ත ජාලය නැමැති සංකල්පය මුල්වරට ඉදිරිපත් වන්නේ 1982 වසරේදී ය. නමුත් අන්තර්ජාලය ශ්‍රී ලංකාවට පළමු වරට හඳුන්වා දෙන්නේ 1990 වසරේ මොරටුව විශ්ව විද්‍යාලයේ මූලිකත්වයෙනි.
අන්තර්ජාලය නව මාධ්‍යයක් ලෙස සමාජ ප්‍රගමනය උදෙසා විශාල කාර්යභාරයක් ඉටුකරනු ලැබුව ද ඒ හරහා දිනෙන් දින දුරාචාර සිදුවීම ප්‍රවණතාවක් හටගෙන ඇත.
අන්තර්ජාල සම්බන්ධතාවය ලොව පුරා පැතිරෙන විට  Facebook සේවය ද ලොව පුරා පැතිර ඇත. ඕනෑම කෙනෙකුට ව්‍යාජ නමකින්, ව්‍යාජ ඇසුරකින් ව්‍යාජ චරිතයකට පණ පෙවීමේ හැකියාව Facebook වැනි සමාජ ජාලා ඔස්සේ ගොඩනැංවී හමාරය.
   මෙම සමාජයීය මාධ්‍ය හරහා ගොඩනගා ගනු ලබන සමාජ මාධ්‍ය හේතුවෙන් විවිධ ගැටළු වලට තරුණ පරපුර භාජනය වී ඇති අතර ලෝකයේ සෑම මිනිත්තු 40කට වරක් මෙම Facebook වැනි හිත මිතුරු සේවයන් සම්බන්ධ අපරාධ සිදු වන බවට වාර්තා වී ඇත.
පැවැති සාම්ප්‍රදායික සංහතික මාධ්‍යවලයන්ට  අභියෝගයක් වෙමින් අන්තර්ජාල තාක්ෂණය ආශ්‍රිතව ගොඩනැඟුණු නව මාධ්‍ය තුළ බිහි වූ ෆේස්බුක් (Facebook), ටිවිටර් ( Twitter), වට්ස්ඇප්  ( Whats-app)   වැනි සමාජ මාධ්‍ය මඟින්  සමස්ත සමාජ විඥානයටම දැඩි බලපෑමක් සිදුකරමින් තිබේ.
     නව මාධ්‍ය පිළිබඳ සාකච්ඡා කරන විට හා ඒවායේ බලපෑම් පිළිබඳ සාකච්ඡා කරන විට ඒවාට අදාළ නීතිමය පසුබිම කෙබඳු ද යන්න පිළිබඳ සාකච්ඡාවට බඳුන් කළ යුත්තක්. ලොව පුරා විවිධ රටවල් තම රාජ්‍යයයන් තුළ සිදුවන ඇතැම් ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා ඉහත දක්වා ඇති නව මාධ්‍ය යම් ආකාරයකට වාරණය කිරීමකට ලක් කොට තිබේ. එලෙසම ශ්‍රී ලංකාව තුළ ද පවතින සමාජ මාධ්‍ය ආරක්ෂණ පණත් හැරුණු කොට සමාජ මාධ්‍ය ආරක්ෂණ නව පනතක් ආණ්ඩුව විසින් ජනවාරි 24 වන දින සම්මත කරනු ලැබුවා.  මීට පෙර දූෂණ විරෝධී පනත් කෙටුම්පත ද සම්මත කර ගත් ආණ්ඩුව ඉකුත් ජනවාරි 24 වනදා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ද වැඩි ඡන්දයෙන් සම්මත කර ගත්තේ ය. ඒ, අධිකරණයේ නීති විවරණ හා සංශෝධන සහිත ව ය. ඊට පක්ෂ ව ඡන්ද 108ක් සහ විරුද්ධ ව ඡන්ද 62ක් හිමි විය. ඒ අනුව පනත් කෙටුම්පත වැඩි ඡන්ද 46කින් සම්මත වී ශ්‍රී ලංකාව තුළ බලපැවැත්වෙන නීතියක් බවට පත් විය.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද, ශ්‍රී ලංකාව තුළ  සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ග ගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධාන සැලැස්වීම සඳහා ද,  තහනම් කාර්ය සඳහා මාර්ග ගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා ද, ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්යය සඳහා  භාවිතා කරනු ලබන මාර්ග ගත ස්ථාන හඳුනාගැනීම සඳහා  සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩපැවැත්වීම සඳහා ද, ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කාරණා සඳහා විධි විධාන සැලැස්වීම  පිණිස ද වූ පනතකි.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම සඳහා ද, ශ්‍රී ලංකාව තුළ  සිද්ධියක් පිළිබඳ ඇතැම් ප්‍රකාශ මාර්ග ගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම පිණිස විධාන සැලැස්වීම සඳහා ද,  තහනම් කාර්ය සඳහා මාර්ග ගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා ද, ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්යය සඳහා  භාවිතා කරනු ලබන මාර්ග ගත ස්ථාන හඳුනාගැනීම සඳහා  සහ ප්‍රකාශයට පත් කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම සඳහා මුදල් සැපයීම සහ අනෙකුත් ආධාර ලබාදීම මැඩපැවැත්වීම සඳහා ද, ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කාරණා සඳහා විධි විධාන සැලැස්වීම  පිණිස ද වූ පනතකි.

මෙය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ සම්මත කෙරුණු 207 වන පණත් කෙටුම්පත වෙයි.

මේ පනත 2023 අංක  දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ  පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.
මේ පනතේ විධිවිධාන,

ශ්‍රී ලංකාව තුල හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිටියදී යම් තැනැත්තකු විසින් මේ පනත යටතේ වූ වරදක්, ශ්‍රී ලංකාවේ පුරවැසියකු සම්බන්ධයෙන් සිදු කරනු ලබන අවස්ථාවක දී,

මේ පනත යටතේ වූ වරදක් සිදු කිරීම් මගින් රජයට හෝ ශ්‍රී ලංකාවේ පදිංචි තැනැත්තෙකුට හානියක් හෝ අලාභයක් ශ්‍රී ලංකාව තුල හෝ ශ්‍රී ලංකාවෙන් පිටත සිදු කරනු ලබන අවස්ථාවක දී ,

මේ පනත යටතේ වරදක් කවර ස්ථානයකදී සිදු කරනු ලැබුව ද,  එය  ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන තැනැත්තෙකු විසින් සිදු කරනු ලබන අවස්ථාවක දී,

අදාළ විය යුතු ය.

මේ පනතේ අරමුණු,

සත්‍යය ප්‍රකාශ හෝ තර්ජනාත්මක බිය ගන්වන සුළු හෝ පීඩාකාරී ප්‍රකාශ සන්නිවේදනය කිරීම මගින් ඇතිවන අලාභයකින් තැනැත්තන් ආරක්ෂා කිරීම,

අධිකරණයට අපහාස වන්නා වූ හෝ අධිකරණයේ බලය සහ අපක්ෂපාතීත්වය පවත්වාගෙන යාමට අගතිගාමී වන්නා වූ ප්‍රකාශ සන්නිවේදනය කිරීමෙන් ආරක්ෂාවීම තහවුරු කිරීම, මේ පනත යටතේ වූ වැරැදි සිදුකිරීම සඳහා,

මාර්ගගත ගිණුම් සහ බොට් අවභාවිත කිරීම හඳුනාගැනීම වැළැක්වීම,
සහ එයට එරෙහි ආරක්ෂා සැලසීම සඳහා පියවර හඳුන්වාදීම සහ,

ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ නැවතත් සන්නිවේදනය කරන්නා වූ  මාර්ග ගත ස්ථාන සඳහා මුදල් සැපයීම එකී ස්ථාන ප්‍රවර්ධනය කිරීම සහ එම ස්ථානවලට වෙනත් ආධාර ලබාදීම වැළැක්වීම,

විය යුතු ය.

මෙහිදී මාර්ගගත ක්‍රමවල සුරක්‍ෂතභාවය පිළිබඳ කොමිෂන් සභා පිහිටවිය යුතුය .
මෙහි "මින් මතු " කොමිෂන් සභාව යනුවෙන් සඳහන් කරනු ලබන මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවක් පිහිටුවනු ලැබිය යුතුය.

කොමිෂන් සභාව පළවන උප වගන්තිය මගින් එයට පවරා ඇති නාමයෙන් අවිච්ඡින්න පැවැත්මක් සහ පොදු මුද්‍රාවක් ඇති සංස්ථාවකින් යුතු අතර,  එකී නාමයෙන් එය විසින් ද එයට එරෙහිව ද නඩු පවරනු  ලැබිය හැකිය.

කොමිෂන් සභාව විසින්,  මේ පනතේ අරමුණු ඉටු කර ගැනීමේ කාර්ය සඳහා, මේ පනත යටතේ කොමිෂන් සභාව වෙත පවරා ඇතු බලතල සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම සහ සිදු කිරීම සිදු කළ යුතුය. හයවන වගන්තියේ විධිවිධාන වලට යටත්ව තොරතුරු තාක්ෂණය, නීතිය,පාලනය,සමාජ සේවා, පුවත්පත් කලාව, විද්‍යාව හා තාක්ෂණය හෝ කලමණාකරනය යන ක්ෂේත්‍ර එකක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් සුදුසුකම් සහ  පළපුරුද්ද  සහිත ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් පස් දෙනෙකුගෙන් කොමිෂන් සභාව සමත් විය යුතුය.

කොමිෂන් සභාවේ බලතල සහ කර්තව්‍ය

කොමිෂන් සභාවට පහත දැක්වෙන බලතල හා කර්තව්‍ය තිබිය යුතුය .

යම් තහනම් ප්‍රකාශයක් හේතුවෙන් අහිතකර ලෙසට බලපෑමට ලක්ව ඇති තැනැත්තන්ට එකී තහනම් ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස නියම කරමින් යම් තහනම් ප්‍රකාශයක් පළ කරනු ලැබ ඇති හෝ සන්නිවේදනය කරනු ලබා ඇති හෝ යම් තහනම් භාව යම් තහනම් ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම සඳහා ස්වකීය සේවාවන් භාවිතා කරනු ලැබ ඇති තැනැත්තන්ට සේවා සපයන්නන්ට හෝ අන්තර්ජාල අතරමැදියන්ට විධාන නිකුත් කිරීම.

මෙම පනත යටතේ වරදක් සංයුක්ත වන අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කරන තැනැත්තන්ට,එකී ප්‍රකාශය  සන්නිවේදනය කිරීම නතර කරන ලෙසට දැන්වීම් නිකුත් කිරීම .

මේ පනත යටතේ වන තහනම් ප්‍රකාශ සන්නිවේදනය කරන තැනැත්තන්ට , එවැනි යම් ප්‍රකාශ සන්නිවේදනය කිරීම නතර කරන ලෙසට විධාන නිකුත් කිරීම ද ,තහනම් ප්‍රකාශයක් ඇතුළත් මාර්ගගත ස්ථානයකට ශ්‍රී ලංකාව තුළ සිටින අවසාන පරිශීලකයන් ප්‍රවේශ වීම අක්‍රීය කරන ලෙසට හෝ ඒ තහනම් ප්‍රකාශය ඒ මාර්ගගත ස්ථානයෙන් ඉවත් කරන ලෙස අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නන්ට හෝ අන්තර්ජාල අතරමැදියන්ට දැන්වීම් නිකුත් කිරීම.

අධිකරණයට අපහාස විය හැකි හෝ  අධිකරණයේ  බලය සහ අපක්ෂපාතීත්වය  පවත්වාගෙන යාමට අගතිගාමී විය හැකි යම් සන්නිවේදනයන්  පිළිබඳ සලකා බැලීම සඳහා එකී සන්නිවේදනයන් උචිත අධිකරණයට යොමු කිරීම සහ එසේ යම් අධිකරණයට යොමු කරන ලද යම් කරුණක් සම්බන්ධයෙන් එකී අධිකරණයට අවශ්‍ය විය හැකි යම් සහයක් ලබා දීම ,තහනම් ප්‍රකාශ ඉවත් කිරීම සඳහා සේවා සපයන්නන්ට අන්තර්ජාල අතරමැදියන්ට,  සහ අන්තර්ජාල ප්‍රවේශ සේවා සපයන්නන්ට නිර්දේශ ඉදිරිපත් කිරීම.

එ ලෙසම මෙම පනත වෙනත් ලිඛිත නීති අභිබවා බලාත්මක විය යුතු බව දක්වා ඇත. මේ පනතේ විධිවිධාන හා වෙනත් ලිඛිත නීතියක් අතර ගැටීමක් හෝ අනනුකූලතාවයක් හෝ ඇතිවුවහොත් එවිට මේ පණතේ විධිවිධාන බලපැවැත්විය යුතුය.
සංශෝධන සහිත ව ඉදිරිපත් වූ පනත් කෙටුම්පත යටතේ වැරැදි ලෙස අර්ථකථනය කර කර ඇති කරුණු කිහිපයක් පහත ආකාරයට හඳුනාගත හැකි ය.

* ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම
* අපහාසයට හේතු වන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම
* අසත්‍ය ප්‍රකාශ මඟින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම
* අසත්‍ය ප්‍රකාශ මඟින් ආගමික රැස්වීමකට බාධා කිරීම
* ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
* ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම
* මාර්ගගත ක්‍රම හරහා අසත්‍ය සන්නිවේදනය කිරීමෙන් වංචා කිරීම
* අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම
* සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මඟින් චේතනාන්විත ව ම නින්දා කිරීම
* කැරැල්ලක් හෝ රජයට විරුද්ධ ව වරදක් ආදිය සිදු කිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම
* හිරිහැර සිදු කිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම
* ළමා අපයෝජන
* වරදක් සිදු කිරීම සඳහා 'බොට්' සෑදීම හෝ අවභාවිත කිරීම
* කොමිෂන් සභාවේ විධානයකට අනුකූල ව කටයුතු කිරීම පැහැර හැරීම

කෙසේ හෝ මේ මොහොත වන විට 'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය' නමැති පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබ, එය ශ්‍රී ලංකාව තුළ වලංගු නීතියක් බවට පත් ව ඇත. එබැවින් තවදුරටත් පනත් කෙටුම්පත සම්මත වීමට පෙර පැවති විරෝධතා ආදිය ගැන සාකච්ඡා කිරීමෙන් ප්‍රයෝජනයක් නැත. සිදු කළ යුත්තේ, මේ මොහොතේ සිට, පනත හා එය ක්‍රියාත්මක වීම පිළිබඳ සාකච්ඡා කිරීම යි.

ජයනි අනුෂිකා පෙරේරා

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required