/
/
title icon ශ්‍රී ලංකාවෙන් හොඳ ආරම්භයක්
ශ්‍රී ලංකාවෙන් හොඳ ආරම්භයක්
Editor
2 months ago
Share:
ශ්‍රී ලංකාවෙන් හොඳ ආරම්භයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (2) ආරම්භ වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 80 ක් රැස්කර සිටියා.

ආරම්භ පිතිකරුවන් වන නිශාන් මධුෂ්ක (නොදැවී 36) සහ දිමුත් කරුණාරත්න (නොදැවී 42) පන්දුවට පහර දෙමින් සිටියා.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානු පිල ලකුණු 198 කට සීමා කිරීමට සමත් වුණා.

වමතින් වේග පන්දු යවන විශ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා පිලේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 51 කට කඩුලු 4 ක් දවාගත්තා.

රහමට් ෂා අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 139 කදී හතරේ පහර 13 ක් සමගින් ලකුණු 91 ක් රැස්කර දැවී ගියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required