/
/
title icon 76 වන අභිමානවත් නිදහස් උළෙල අදයි
76 වන අභිමානවත් නිදහස් උළෙල අදයි
Editor
3 months ago
Share:
76 වන අභිමානවත් නිදහස් උළෙල අදයි

නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන ජාතික නිදහස් උළෙල අද අභිමානවත් අයුරින් සැමරෙනවා. 

ජාතික නිදහස් උළෙල "හදමු අලුත් රටක්" තේමාවෙන්  කොළඹ ගාලු මුවදොර දී  අභිමානවත් අයුරින් අද පෙරවරුවේ ඇරඹුණා.

නිදහස් උළෙල සඳහා විශේෂ ආරාධිතයන්ගේ පැමිණීම ඇරඹුණු අතර පළමුවෙන්ම නිදහස් උළෙල සඳහා පැමිණියේ වැඩ බලන පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතායි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නිදහස් උළෙල සඳහා ගෞරවනීය ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් (Srettha Thavisin) මහතා සහභාගී වනවා. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර නිදහස් උළෙල ඇමතීමක් නොකරන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියා සිටියා. 

එමෙන්ම නිදහස් උළෙල සංස්කෘතිකාංග වලින් තොරව ත්‍රිවිධ හමුදා උත්තමාචාර වලට පමණක් සීමා කිරීමට ද තීරණය කර තිබෙනවා. 

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා කීවෙි තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ දෙදින නිල සංචාරය අසනීප තත්ත්වයක් නිසා එක් දිනකට සීමා වී ඇති හෙයින් ඔහු පැයක කාලයක් සඳහා පමණක් නිදහස් උළෙලට සහභාගී වන බවයි. 

ජනාධිපති උත්තමාචාර කාලතුවක්කු වෙඩි මුර 21ක් පිරිනැමීමෙන් අනතුරුව නිදහස් උළෙලේ  ත්‍රිවිධ හමුදා සම්මාන මුරය ඇරඹුණා. 

පාසල් සිසුවියන් 25 දෙනෙක් ජය මංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථා ගායනා කරනු ලැබූ අතර, අනතුරුව මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහි කරමින් නිහඬතාවයක්ද ආරක්ෂා කළා. 

ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම ගමන් කිරීමෙන් පසු සම්මාන පෙළපාළිය සහ සන්නාහ සන්නද්ධ  රථ පෙළපාළිය ඇරඹුණා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required