/
/
title icon අස්වැසුම ප්‍රතිලාභ ඉහළට
අස්වැසුම ප්‍රතිලාභ ඉහළට
Editor
3 months ago
Share:
අස්වැසුම ප්‍රතිලාභ ඉහළට

ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි අස්වැසුම ප්‍රතිලාභ දීමනා ඉහල නංවා තිබෙනවා.

ඒ අනුව ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ඉහළ නංවා තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්  සේමසිංහ මහතා කියා සිටියා.

ඒ අනුව මසකට රුපියල් 5000  ක්ව පැවති ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7500 දක්වාද රුපියල් 2000 ක්ව පැවතී වැඩිහිටි දීමනාව රුපියල් 3000 දක්වාද  ඉහළ නැංවූ බව ෂෙහාන්  සේමසිංහ මහතා පැවසුවා.

ආබාධිත වැඩිහිටි සහ වකුගඩු දීමනා ලැබීමට සුදුසුකම් ඇති අලුතෙන් හඳුනාගන්නා පුද්ගලයන්ට එම දීමනාව අප්‍රේල් මස පළවෙනි දින සිට ලබාදෙන බවද ඇමතිවරයා කියා සිටියා.

මේ අතර  දීමනා ලබාදීම මාර්තු මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ ප්‍රතිලාභීන්ට මේ වසර අවසන් වන තෙක්ම එම දීමනා ගෙවන බවද සේමසිංහ මහතා සඳහන් කළා.

ඉදිරියේදී අවදානමට ලක් වූ පවුල් ලක්ෂ අටකට රුපියල්  5000 බැගින් දීමනා ගෙවන බවද ඇමතිවරයා පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required