/
/
title icon රැඳවියෙකු නියාමකට කොසු මිටෙන් පහර දෙයි
රැඳවියෙකු නියාමකට කොසු මිටෙන් පහර දෙයි
Editor
3 months ago
Share:
රැඳවියෙකු නියාමකට කොසු මිටෙන් පහර දෙයි

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියකු කොසුමිටකින් පහරදීමෙන්  බන්ධනාගාර නියාමකවරයෙක් තුවාල ලබා ඇතැයි  පොලිසිය පවසනවා.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරේ එල්  වාට්ටුව තුළ රැඳවියන් කෑකෝ ගසන ශබ්දයක් ඇසී  ඒ පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා නියාමකවරයාගේ අවස්ථාවේදී රැඳවියා කොසුමිටෙන් පහරදී ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.

පහරකෑමෙන් නියාමකවරයාගේ දකුණු අතට තුවාල සිදුවී ඇති අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ භාර ප්‍රධාන ජේලර්වරයාගේ උපදෙස් මත නියාමකවරයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්ව ඇතැයි රෝහල් ප්‍රකාශකයකු කියා සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required