/
/
title icon පොලීසිය බස්නාහිරට අද කරපු දේ
පොලීසිය බස්නාහිරට අද කරපු දේ
Editor
3 months ago
Share:
පොලීසිය බස්නාහිරට අද කරපු දේ

බස්නාහිර පළාතේ සියළුම පොලිස් වසම් ආවරණය වන පරිදි පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් අද දිනයේදී සිදුකළා.

මෙම සෝදිසි මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 2,253 ක්ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,112 ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 219 ක් යොදවනු ලැබුවා.

යුක්තිය මෙහෙයුම ආරම්භ කර මාස දෙකක් ගතවීම හේතුවෙන් ඊට සමගාමීව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදුකර ඇති බව සඳහන්.

එහිදී පුද්ගලයින් 1,061 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතරවාහන 11 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 05 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවාස සෝදිසි කිරීම්වලදී තියුණු ආයුධ රැසක් පොලිස් භාරයට ගැනුණා.

ඒවා අතර, කඩු 06මන්නා 01කිනිසි 01තහනම් පිහි 02හෙරොයින් ග්‍රෑම් 322අයිස් ග්‍රෑම් 111ගංජා ග්‍රෑම් 160ඈෂ් ග්‍රෑම් 13නීති විරෝධී මත්පැන් මිලිලීටර් 21,750නීතිවිරෝධී දුම්වැටි 855 ක් වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required