/
/
title icon
පොලීසිය බස්නාහිරට අද කරපු දේ
පොලීසිය බස්නාහිරට අද කරපු දේ
News Editor
2 years ago
Share:
පොලීසිය බස්නාහිරට අද කරපු දේ

බස්නාහිර පළාතේ සියළුම පොලිස් වසම් ආවරණය වන පරිදි පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් අද දිනයේදී සිදුකළා.

මෙම සෝදිසි මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 2,253 ක්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,112 ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 219 ක් යොදවනු ලැබුවා.

යුක්තිය මෙහෙයුම ආරම්භ කර මාස දෙකක් ගතවීම හේතුවෙන් ඊට සමගාමීව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම මෙහෙයුම සිදුකර ඇති බව සඳහන්.

එහිදී පුද්ගලයින් 1,061 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාහන 11 ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 05 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවාස සෝදිසි කිරීම්වලදී තියුණු ආයුධ රැසක් පොලිස් භාරයට ගැනුණා.

ඒවා අතර, කඩු 06, මන්නා 01, කිනිසි 01, තහනම් පිහි 02, හෙරොයින් ග්‍රෑම් 322, අයිස් ග්‍රෑම් 111, ගංජා ග්‍රෑම් 160, ඈෂ් ග්‍රෑම් 13, නීති විරෝධී මත්පැන් මිලිලීටර් 21,750, නීතිවිරෝධී දුම්වැටි 855 ක් වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required