/
/
title icon දුෂ්මන්තට යළිත් අයි.‍පී.එල්. වරමක්
දුෂ්මන්තට යළිත් අයි.‍පී.එල්. වරමක්
Editor
2 months ago
Share:
දුෂ්මන්තට යළිත් අයි.‍පී.එල්. වරමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ එළැඹෙන තරග වාරය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට තෝරාගෙන තිබෙනවා.

ඔහු ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මිලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම එක්වනු ඇති බවයි වාර්තා වන්න‍ේ.

දුෂ්මන්ත චමීර එලෙස කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් තොරගෙන ඇත්තේඑංගලන්ත පන්දු යවන ක්‍රීඩක Gus Atkinson වෙනුවටයි.

දුෂ්මන්ත චමීර මීට පෙර පැවති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග වාරවලදී  2018 වසරේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ අතර, 2021 වසරේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරනු ලැබුවා.

2022 වසරේදී ඔහු ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required