/
/
title icon උද්ධමනයට වෙච්චි වැඩේ
උද්ධමනයට වෙච්චි වැඩේ
Editor
2 months ago
Share:
උද්ධමනයට වෙච්චි වැඩේ

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 6.5 දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මාසයේදී සියයට 4.2ක් වූ උද්ධමනය ජනවාරි මාසයේදී මෙලෙස සියයට 6.5ක් දක්වා ඉහළ ගියා.

එසේම දෙසැම්බර් මාසයේදී සියයට 1.6ක් වූ ආහාර උද්ධමනය ජනවාරි මාසයේදී 4.1ක් දක්වා ඉහළ ගොස් ඇත.එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද ජනවාරි මාසයේ ඉහළ ගොස් තිබූ අතර එය සියයට 8.5ක් ලෙස සටහන් වුණා.

ජනවාරි මාසයේ උද්ධමනය ඉහළ යාමට එකතු කළ අගය මත බද්ද හා කාලගුණය බලපෑ බවත් මෙම වසර අවසානයේදී නැවතත් උද්ධමනය සියයට 5 සීමාවට එනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required