/
/
title icon හමුදා සෙබලාගේ මරණයට තවත් සෙබළුන් 04ක් අත්අඩංගුවට
හමුදා සෙබලාගේ මරණයට තවත් සෙබළුන් 04ක් අත්අඩංගුවට
Editor
2 months ago
Share:
හමුදා සෙබලාගේ මරණයට තවත් සෙබළුන් 04ක් අත්අඩංගුවට

හොරණ දොඹගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරමින් සිටියදී මියගිය හමුදා සෙබළෙකුගේ මරණයට අදාළව සැකපිට එම කඳවුරේම සෙබළුන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා‍ 

යුද හමුදා පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී සහ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී ලබාදුන් ප්‍රකාශ එකිනෙකට පරස්පර වීම හේතුවෙන් එම සෙබළුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

හමුදා කඳවුරේ පොකුණක තිබී මියගිය හමුදා සෙබළාගේ සිරුර පසුගිය ජනවාරි මාසයේදී  සොයාගනු ලැබුවා

මියගිය හමුදා සෙබළා දොඹගොඩ යුද හමුදා කඳවුරේ යුද උපකරණ බලකායේ ක්‍රීඩා  උපදේශකවරයෙකු ලෙස කටයුතු කළා

24 හැවිරිදි වියේ පසුවන තරිඳු ලක්ෂාන් ඇතිළිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකපිට අත්අඩංගුවට ගත් සෙබළුන් සිව්දෙනා සමග මියගොස් ඇති හමුදා සෙබළා කඳවුර තුළ මත්පැන් සාදයක් පවත්වා ඇති බවයි. 

අනතුරුව ඔවුන් විසින් කඳවුර තුළ ඇති පොකුණේ තරගයට පිහිනීමට යෝජනාවක් ගෙනවිත් ඇති බවත් එහිදී මියගොස් ඇති සෙබළා පොකුණට බැස පිහිනායමින් සිටියදී දියේ ගිලී මියගොස් ඇති බවටත් පොලීසිය සැක පළ කරනවා

එම අවස්ථාවේදී සැකකාර සෙබළුන් ඒ පිළිබඳව කිසිවෙකුටත් නොදන්වා මියගිය හමුදා සෙබළාගේ ජංගම දුරකථනය ද පොකුණට විසිකර දමා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required