ලොව වේගවත්ම 20යි 20 ජාත්‍යන්තර ශතකය වාර්තා කිරීමට නැමීබියා ක්‍රීඩකයෙකු සමත් වුණා.
යාන් නිකොල් ලොෆ්ටි මෙම දක්ෂතාව දැක්වූයේ නේපාලයට එරෙහිව අද පැවති තරගයකදී පන්දු 33කින් ශතකයක් වාර්තා කරමින්.
එතෙක් එම වාර්තාව හිමිකරගෙන සිටි නේපාලයේ කුශාල් මල්ලා ද මෙම තරගයට එක්ව සිටීම විශේෂත්වයක්.
නේපාලයේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 206ක් ලබා ගත්තා.
කෙසේ වෙතත්, ජයග්‍රාහී ඉලක්කය හඹාගිය නේපාල කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 05කදී සියළු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 186ක් පමණයි.
ඒ අනුව තරගය ලකුණු 20කින් ජය ගැනීමට නැමීබියා කණ්ඩායම සමත් වුණා.