/
/
title icon විදුලිය ගණන් බස්සවයි
විදුලිය ගණන් බස්සවයි
Editor
2 months ago
Share:
විදුලිය ගණන් බස්සවයි

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එය සියයට 33.3ක අඩුවීමක් බව මහජන උපයෝගීතා කොමිසම පෙන්වා ⁣දෙනවා.

මහජන උපයෝගීතා කොමිසමේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම විදුලි බිල සංශෝධනය ක්‍රියාත්මක බවයි.

ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 28කින් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

එසේම ඒකක 61ත් 90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 30කින් පහළ දැමීමට කටයුතු ⁣කෙරෙනු ඇති.

මේ අතර ඒකක 91ත් 180ත් අතර පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව සියයට 24කින් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒකක 180ට වැඩි ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා සියයට 18කින් විදුලි බිල පහත දැමුණා.

ආගමික ස්ථානවලට සියයට 33ක අඩුකිරීමක් සිදුකර ඇති අතර හෝටල් සහ කර්මාන්ත අංශවල සියයට 18කින් විදුලි බිල අඩු ⁣⁣කෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required