/
/
title icon ශ්‍රීපාද වන්දනාවට පැමිණි අයගේ ටොන් 03ක ප්ලාස්ටික් එක්රැස් කෙරේ
ශ්‍රීපාද වන්දනාවට පැමිණි අයගේ ටොන් 03ක ප්ලාස්ටික් එක්රැස් කෙරේ
Editor
2 months ago
Share:
ශ්‍රීපාද වන්දනාවට පැමිණි අයගේ ටොන් 03ක ප්ලාස්ටික් එක්රැස් කෙරේ

ශ්‍රී පාද උඩ මළුව දක්වා මාර්ගයේ වන්දනාකරුවන් බැහැර කර තිබු ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 03ක් පමණ එක්රැස් කර තිබෙනවා.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා මාර්ගයේ මෙම ප්ලාස්ටික් වතුර බෝතල් එකතු කළ බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.රාජවීරන් මහතා පවසනවා.

ඔහු පැවසුවේ වන්දනාකරුවන් රැගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් බැහැර කිරීමට කසල බඳුන් සවිකර තිබුණත්, ඇතැම් වන්දනාකරුවන් සිය කැළි කසල පරිසරයට මුදාහරින බවයි.

මෙම එකතු කළ ප්ලාස්ටික් වතුර බෝතල් නල්ලතන්නියේ කැළි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන විත් ඒවා පෞද්ගලික අංශය වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවද ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required