/
/
title icon බලය ලබා ගැනීම අවසානය නොව, ආරම්භයයි - අනුර කුමාරගෙන් හෙල්ලෙන කතාවක්
බලය ලබා ගැනීම අවසානය නොව, ආරම්භයයි - අනුර කුමාරගෙන් හෙල්ලෙන කතාවක්
Editor
2 months ago
Share:
බලය ලබා ගැනීම අවසානය නොව, ආරම්භයයි - අනුර කුමාරගෙන් හෙල්ලෙන කතාවක්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සහල් ඒකාධිකාරිය අනිවාර්යයෙන්ම බිඳ දමන බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා. 

ඔහු පෙන්වා දුන්නේ තම බලවේගය රටේ පාලන බලය ලබා ගැනීම යනු අවසානය නොව, රට ගොඩනැගීමේ ආරම්භය එය බවයි. 

"අද වන විට ජනතාවගේ සියලු අයිතීන් නැතිවෙලා. මේ රටේ ජනතාවට මීට වඩා හොඳ තත්වයක් ඇති කළ යුතු බව කියන සත් චේතනාවෙන් තමයි අපි හැමෝම එකතු වෙලා ඉන්නේ. මෙතන ඉන්න හැම දෙනා අපි අතරේම වෙනස්කම් ඇති. නමුත් පොදු අරමුණක් වෙනුවෙන් අපි එකතුවෙලා ඉන්නවා. ඒ නිසා හැමෝම හිතාගන්න අපි දේශපාලන බලය අත්කර ගන්නවා යනු අවසානය නොවේ, මේ රට ගොඩනැගීමේ ආරම්භයයි යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ ප්‍රකාශ කළා. 

ඒ, හෝමාගමදී පැවති “ගැහැණු අපි එක මිටට වැඩසටහන් මාලාවේ කොළඹ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින්. 

0f393e7a954187ca8d1345cea0d17f0a.jpg

මේ, හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පොළ අසලදී පැවති සමුළුවේදී තවදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා. 

අපි පළමුකොටම අපේ රටේ පොදු ජනතාවගේ ආහාර අයිතිය සහතික කරනවා. කන්න නැතුව හදන එක රටකින් වැඩක් නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියනවා ආර්ථිකය රැලි ගගහා පිමි ගගහා වර්ධනය වෙනවලු. නමුත් ජනතාවට කන්න නෑ. කන්න නැති ආර්ථිකයෙන් ඵලය මොකක්ද අපේ රටේ සාමාන්‍යයෙන් මසකට පරිභෝජනය කරන්නේ හාල් මෙට්‍රික් ටොන් 6500යි. මාසෙකට හාල් මෙට්‍රික් ටටොන් 1195,000යි. අවුරුද්දට හාල් මෙට්‍රික් ටොන් විසි තුන් ලක්ෂ හතලිස් දාහයි. ඒ සඳහා අපට සාමාන්‍යයෙන් වී තොග අවශ්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ තිස්පහයි. අපේ රටේ මහ කන්නෙයි යල යලකන්නේ හෙක්ටයාර් ලක්ෂ දහඅටක් පමණ වගා කරනවා. අපේ රටේ අවශ්‍යතාවයට වැඩි සහල් ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවා. අතිරික්තයකුත් තියෙනවා. නමුත් ගොවියට සාධාරණ මිලකට වී ටික විකුණ ගන්න බෑ පාරිභෝගිකයාට සාධාරණ මිලකට හාල් ටික ගන්න බෑ. අපේ රටේ වී සහල් වෙළඳපොලේ විකෘතියක් තියෙනවා. අපේ රටේ වී වෙළඳපොලෙත් හාල් වෙළඳපොලෙත් ඒකාධිකාරියක් නිර්මාණය කර තිබෙනවා.ඔවුන් තමයි හැමදේම මිල තීරණය කරන්නේ. ජාතික ජන බලවේග ආණ්ඩුවක් තුළ සහල් ඒකාධිකාරිය අනිවාර්යෙන්ම බිඳ දමනවා.

47844a92adaaddb23c5ad019e0ea29fc.jpg
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required