/
/
title icon ආරුගම්බේ හෝටලයකදී කාන්තාවක් ඝාතනය කෙරේ - සැකකරුත් දිවි නසා ගනී
ආරුගම්බේ හෝටලයකදී කාන්තාවක් ඝාතනය කෙරේ - සැකකරුත් දිවි නසා ගනී
Editor
1 month ago
Share:
ආරුගම්බේ හෝටලයකදී කාන්තාවක් ඝාතනය කෙරේ - සැකකරුත් දිවි නසා ගනී

කාන්තාවක්ට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර සැකකරුත් ගෙල වැලලාගෙන මියයෑමේ පුවතක් පොතුවිල් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, ඊයේ පොතුවිල් පොලිස් වසමේ ආරුගම්බේ ප්‍රදේශයේ හෝටලයක කාමරයක නවාතැන් ගෙන සිටි කාන්තාවක් එලෙස ඝාතනය කර ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 35ක් වූ මහකළුගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මියගිය කාන්තාව පුද්ගලයෙකු සමග හෝටලයේ කාමරයක නවාතැන් ගැනීම සඳහා පැමිණ ඇති අතර, කාමරය විවෘත නොකිරීම පිළිබඳව සැක සිතී කළමනාකරු විසින් ආරුගම්බේ පොලිස් මුරපොලේ නිලධාරීන්ට දන්වා ඔවුන් සමග කාමරයෙහි දොර කඩා විවෘත කර ඇති බව සඳහන්.

එහිදී කාන්තාවක් කාමරයේ ලේ තැවරී මියගොස් සිටි බවත් කාමරයට යාබඳව ඇති නාන කාමරය තුළ සැකකරු ගෙල වැලලාගෙන ඇති බවත් නිරීක්ෂණය වී තිබෙනවා.

එලෙස ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ  51 හැවිරිදි පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිදුවීම සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required