/
/
title icon ජනපති ඉදිරිය ගැන කියයි
ජනපති ඉදිරිය ගැන කියයි
Editor
1 month ago
Share:
ජනපති ඉදිරිය ගැන කියයි

2027 වසරේදි 2018 වසරේ මෙරට තිබු ආර්ථික තත්ත්වය යළි උදා කරගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

ඊයේ කොළඹ පැවති වැඩසටහනකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේදී 2%ක ආර්ථික වර්ධනයක් ද බලාපොරොත්තු වන බවයි.

රජය ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ කොළඹදී සාකච්ඡාවක නිරත වුණා.

"සවිමත් අනාගතයට පෙරවදනක් – 2024" යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම හමුවේදී රජය විසින් ක්‍රියාවට නංවා ඇති සංවර්ධන වැඩසටහන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required