/
/
title icon ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 100 ණයක්
ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 100 ණයක්
Editor
1 month ago
Share:
ආසියානු සංවර්ධන බැංකුවෙන් මිලියන 100 ණයක්

ආසියානු සංවර්ධන බැංකුව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් අනුමත කර තිබෙනවා. 

එම මුදලින් මිලියන 50ක් අපනයනසංචාරකතාක්ෂණකෘෂිකර්ම සහ නිෂ්පාදන අංශවල ඌන සේවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා වෙන්කිරීමට නියමිතයි. 

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත ණය සඳහා අර්ධ ණය ඇපකර සපයන සීමා සහිත ජාතික ණය ඇපකර ආයතනය හරහා රජයේ කොටස් දායකත්වය සඳහා මෙම ණය ආධාරය ලබා දීමට සැලසුම් කර තිබෙනවා. 

ආසියානු සංවර්ධන බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේමෙරට ආර්ථිකයට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන අතර දළ දේශීය නිෂ්පාදිතයට ඔවුන් සියයට 52ක දායකත්වයක් සපයන බවයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required