/
/
title icon
උණුසුම වැඩි නිසා, පාසල් ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පස්සට
උණුසුම වැඩි නිසා, පාසල් ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පස්සට
News Editor
2 years ago
Share:
උණුසුම වැඩි නිසා, පාසල් ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පස්සට

පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වයත් සමඟ පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සව අප්‍රේල් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා. 

ඊට අදාළ චක්‍රෙල්ඛය අද නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රකාශ කළා. 

දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ සිතා මෙම පියවර ගත් බවයි ඔහු තවදුරටත් කියා සිටියේ. 

මේ අතර, අද පෙරවරු 5.30ට අවසන් වූ ගතවූ පැය 24 තුළදීත් වැඩිම උෂ්ණත්වය සෙල්සියල් අංශක 38.3ක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. 

වයඹ, උතුරු මැද, නැගෙනහිර, බස්නාහිර පළාත්වලත් මොනරාගල, මන්නාරම, රත්නපුර, වව්නියාව දිස්ත්‍රික්කවලත් ඉදිරි දින කිහිපයේදීත් අවධානය යොමුකළයුතු මට්ටමේ උණුසුම් කාලගුණයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required