/
/
title icon ශ්‍රී ලංකාවට පළමු දිනයේ වැඩි වාසි
ශ්‍රී ලංකාවට පළමු දිනයේ වැඩි වාසි
Editor
1 month ago
Share:
ශ්‍රී ලංකාවට පළමු දිනයේ වැඩි වාසි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ වැඩි වාසි හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්කක්ම් කියනු ලැබුවා.

සිල්හෙට් හි පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමටයි ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 280ක් රැස් කළා.

එහිදී නායක ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 102 බැගින් රැස් කිරීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනා 6වැනි කඩුල්ල සඳහා ලකුණු 202ක් එක් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 57කට දැවී ගියා.

තරගය පළමු දිනය සඳහා තරගය නිමා කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 32ක් ලබාගෙන සිටියා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required