/
/
title icon
කොකේන් ගිල පැමිණි මගියෙකු කටුනායකදී අල්ලයි
කොකේන් ගිල පැමිණි මගියෙකු කටුනායකදී අල්ලයි
News Editor
2 years ago
Share:
කොකේන් ගිල පැමිණි මගියෙකු කටුනායකදී අල්ලයි

බ්‍රසීලයේ සිට ඩුබායි හරහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත කොකේන් මත්ද්‍රව්‍ය රැගෙන ආ මගියෙකු සැකපිට ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා කියා සිටියේ වෙනිසියුලානු ජාතිකයකු වන 41 හැවිරිදි අදාළ මගියාගේ සිරුර ස්කෑන් කිරීමේදී මත්ද්‍රව්‍ය සඟවාගෙන සිටින අයුරු නිරීක්ෂණය කළ බවයි. 

ඒ අනුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය ගුලි ලෙස ගිල පැමිණි බව සඳහන් කර තිබෙනවා. 

ග්‍රෑම් 132ක් බර කොකේන් අඩංගු කරල් 12ක් සොයා ගැනීමට නිලධාරීන්ට හැකි වී ඇති අතර, මත්ද්‍රව්‍ය අඩංගු ගුලි සොයා ගැනීම තවදුරටත් ක්‍රියාත්මකයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required