/
/
title icon “දුම්රියෙන් යමු - ඩිජිටල් වෙමු” කොට උඩ - ඔන්ලයින් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේදී ගැටලු රැසක්
“දුම්රියෙන් යමු - ඩිජිටල් වෙමු” කොට උඩ - ඔන්ලයින් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේදී ගැටලු රැසක්
Editor
1 month ago
Share:
“දුම්රියෙන් යමු - ඩිජිටල් වෙමු” කොට උඩ - ඔන්ලයින් ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමේදී ගැටලු රැසක්

“දුම්රියෙන් යමු - ඩිජිටල් වෙමු” තේමාවෙන් දුම්රිය ආසන වෙන් කර ගැනීමේ කටයුතු අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදුකිරීම පසුගියදා ආරම්භ කෙරුණත්, මේ වනවිට එය අර්බුද රැසක් නිර්මාණය කර තිබෙනවා. 

කල්තියා වෙන් කර ගත හැකි දුම්රිය ආසන වෙන් කිරීම් පසුගිය 15 වැනිදා සිට මුළුමනින්ම අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා. 

ඒ පද්ධතිය යාවත්කාලීන කළ බව පවසමින් සහ එය මගී ජනතාවට පහසුවක් වන බව සඳහන් කරමින්. 

ඊට අදාළව පසුගිය 14 වැනිදා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවයක්ද පැවැත්වුණා. 

මෙම සේවාව මඟින් සාමාන්‍ය පරිදි දුම්රිය ආසන වෙන් කර ගැනීම සඳහා මෙන්ම රාජ්‍ය සේවකයින්ට වොරන්ට් බලපත්‍ර මගින් ආසන වෙන් කර ගැනීම සඳහාද අවස්ථාව සලසා දී ඇති බවයි එහිදී දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් ප්‍රකාශ කළේ. 

එසේම, රාජ්‍ය සේවකයින්ට ආයතන සංග්‍රහය මගින් වරප්‍රසාදයක් ලබාදී ඇති දුම්රිය බලපත්‍ර හෙවත් වොරන්ට් බලපත්‍ර සඳහා ආසන වෙන්කර ගැනීමද එදින සිට අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමටයි පියවර ගැනුණේ. 

කෙසේ වෙතත්, මෙම ක්‍රමවේදයේදී පද්ධතියේ ගැටළු රැසක් පැන නැගී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අවස්ථා ගණනාවකදී පෙන්වා දුන්නා. 

ඉන් එකක් වූයේ අන්තර්ජාලය ඔස්සේ කලින් ආසන වෙන්කරවා ගැනීමට යාමේදී ඇතැම් සංචාරක ප්‍රවාහන ආයතන විසින් පද්ධතිය විවෘත වන වේලාවටම ඊට පිවිස, සංචාරකයින්ගේ ආකර්ශනය ඇති දුම්රිය ගමන්වාරවල ආසන සියල්ලම වෙන් කරවා ගැනීමයි. 

එම අවස්ථාවලදී මෙරට සාමාන්‍ය ජනතාවට හෝ රාජ්‍ය සේවකයින්ට කලින් ආසන වෙන් කරවා ගැනීමේ අවස්ථාව මග හැරී යනවා. 

මීට පෙර දුම්රිය ආසන කලින් වෙන් කරවා ගැනීමේ පද්ධතියේ 60%ක් දුම්රිය ස්ථාන හරහාත්, 40%ක් අන්තර්ජාලය හරහාත් සිදු කෙරුණා. 

එසේම, මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ආසන කලින් වෙන්කරවා ගැනීම 100% සිදුවූවත්, එය තහවුරු කර ගැනීම සඳහා දුම්රිය ස්ථාන වෙත යෑමට සිදුවීම මෙහි තවත් එක් ගැටළුවක්.

මෙම ගැටලු හේතුවෙන් අන්තර්ජාලයෙන් ආසන වෙන් කරවාගත් මගීන්, බලපත්‍රලාභීන් මෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන් පසුගිය දින කිහිපයේ අපහසුතාවයට පත් වූ බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන්නේ.

ඒ හේතුවෙන් අන්තර්ජාලය ඔස්සේ ආසන වෙන් කරවාගෙන පැමිණෙන මගීන් විසින් හෝ බලපත්‍රලාභී රාජ්‍ය සේවකයින් දුම්රිය ස්ථානය වෙත පැමිණ ආසන වෙන් කිරීම, තහවුරු කර ගැනීමට දුම්රිය ස්ථාන වෙත පැමිණිමේදී එම සේවා ඉටු නොකිරීමට දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබෙනවා. 

ඒ, අදාළ පාර්ශව දැනුවත් කළත්, ඊට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required