/
/
title icon ශ්‍රී ලංකාව සමග සටනට ශකීබ්වත් බංගලාදේශය කැඳවයි
ශ්‍රී ලංකාව සමග සටනට ශකීබ්වත් බංගලාදේශය කැඳවයි
Editor
1 month ago
Share:
ශ්‍රී ලංකාව සමග සටනට ශකීබ්වත් බංගලාදේශය කැඳවයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රිඩක ශකීබ් අල් හසන්ව කැඳවා තිබුණා.

පසුගියදා පැවැති බංග්ලාදේශ මහ මැතිවරණයෙන් පහසු ජයක් වාර්තා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ද ඔහු තේරී පත්වී තිබුණා.

බංගලාදේශ හිටපු නායක ශකීබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළේ 2023 අප්‍රේල් මාසයේදීයී.

ඇසක හටගත් ආබාධයක් හේතුවෙන් ටෙස්ට් තරග සඳහා සහභාගී වීමෙන් ඔහු වැළැකී සිටි බවයි වාර්තා වුණේ.⁣

අනතුරුව ඔහු එම රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ගැනීමට සිංගප්පූරුවට ද ගොස් තිබුණා.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවෙනි ටෙස්ට් තරගය මාර්තු 30 වනදා ආරම්භ වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required