/
/
title icon හම්බන්තොටට පිරිපහදුවක්
හම්බන්තොටට පිරිපහදුවක්
Editor
4 weeks ago
Share:
හම්බන්තොටට පිරිපහදුවක්

චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

සයිනොපෙක් සමාගමේ නියෝජිතයින් පිරිසක් තමාට ඒ බව දැන්වූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා X පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

එම සාකච්ඡාව ඊයේ කොළඹදී පවත්වා ඇති බව සඳහන්.

නව පිරිපහදුව හම්බන්තොට ස්ථාපනය කිරීමට නියමිත අතර ඊට අදාළ එකඟතා ගිවිසුම් කඩිනමින් අත්සන් කිරීමට සයිනොපෙක් සමාගම එකඟ වී තිබුණා.

එම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය වැඩි කිරීමටත් පිරිපහදුවේ ධාරිතාවය වැඩි කිරීමටත් එකඟ වී ඇති අතර ව්‍යාපෘතිය ජූනි මාසයේදී ආරම්භ කිරීමට නියමිතයි.

එම ව්‍යාපෘතිය සඳහා පසුගිය නොවැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය හිමිවූ අතර එහි ආයෝජනය සඳහන් වූයේ ඩොලර් බිලියන 4.5ක් ලෙසටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required