/
/
title icon මෝඩයාගේ දිනයේ රස්නය වැඩි වෙයි
මෝඩයාගේ දිනයේ රස්නය වැඩි වෙයි
Editor
1 month ago
Share:
මෝඩයාගේ දිනයේ රස්නය වැඩි වෙයි

හෙට දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කළා.

එම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ බස්නාහිර, දකුණ, වයඹ උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි.

ඊට අමතරව රත්නපුර, මොණරාගල, මනාරම, වව්නියාව, සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required