/
/
title icon සාමාන්‍ය ජනයාට සහනයක් නැතුව ඉන්ධන මිල සංශෝධනය වේ
සාමාන්‍ය ජනයාට සහනයක් නැතුව ඉන්ධන මිල සංශෝධනය වේ
Editor
1 month ago
Share:
සාමාන්‍ය ජනයාට සහනයක් නැතුව ඉන්ධන මිල සංශෝධනය වේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

ඒ අනුව 95 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීට තීරණය කර තිබේ.

ඒ අනුව එහි නව මිල රුපියල් 440ක් වනු ඇති.

එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 386ක්.

භූමිතෙල් මිල ලීටරයක රුපියල් 12කින් අඩු වී ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 245ක් වනවා.

කෙසේ වෙතත්, ඔක්ටේන් 92 වර්ගයේ සහ ඔටෝ ඩීසල් මිල සංශෝධනය කර නැහැ.

ඒ අනුව සාමාන්‍ය ජනතාව වැඩි වශයෙන් භාවිත කරන ඉන්ධන මිල ගණන්වල අඩුවීමක් සිදුව නැහැ.

එම මිල ගණන් සංශෝධනය අනුව ඉන්දියන් ඔයිල් සමාගමද ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කරනු ඇති.

b9909e4442d56e57603d6023812b3197.png
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required