සොරාගත් යතුරු පැදි අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ ජාවාරමේ නියුතූ පුද්ගලයන් දෙදෙනකු හෝකන්දර උතුර ප්‍රදේශයේදී බොරලැස්ගමුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් හෝකන්දර උතුර පදිංචි වයස අවුරුදු 25 හා 26 ක් වන පුද්ගලයින් බවයි පොලීසිය කියා සිටියේ.
ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 400 ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අලෙවිකර තිබූ යතුරුපැදි 06 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.