
යාපනය - පුංකුඩුතිව් ප්‍රදේශයේ පාසල් දැරියක වූ ශිවලෝනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී පල්ලේකැලේ - දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ කයිට්ස් හි පදිංචිකරුවෙකු වු පුබාලසිංහම් තවකුමාර් සෙන්දිල් නැමැති 37 හැවිරිදි අයෙක්.
ඔහු කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට සුළු මොහොතකින් මියගොස් ඇති අතර ඔහු නිව්මෝනියා රෝගී තත්වයෙන් පෙළුන බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ඔහුට නියම වූ මරණ දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසු එය විභාග වෙමින් පැවතියා.