/
/
title icon කේක් 400ට දෙන හැටි බේකරි හිමියන් කියයි
කේක් 400ට දෙන හැටි බේකරි හිමියන් කියයි
Editor
1 month ago
Share:
කේක් 400ට දෙන හැටි බේකරි හිමියන් කියයි

බිත්තරයක මිල රුපියල් 35 දක්වාත්, මාජරින් සඳහා පනවා ඇති බද්ද නිදහස් කළහොත් කේක් කිලෝවක් රුපියල් 400කට වෙළෙඳපොළට ලබාදිය හැකි බව සමස් ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසනවා. 

දැනට හොඳ තත්ත්වයේ කේක් කිලෝවක මිල රුපියල් 1000ක් පමණ වන බවත්, බිත්තරයක් රුපියල් 35කට ලබා දෙන්නේ නම් කේක් කිලෝවක මිල රුපියල් 100කින් පහත දමන බවද ඔහු කියා සිටියා.

මාජරින් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 900ක බද්ද ඉවත් කරන්නේ නම් කේක් කිලෝවක් රුපියල් 400කට ලබා දිය හැකි බවයි ජයවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required