
අද සිට දිවයිනේ සියලුම සතොස ශාඛා වෙතින් අඩු මිලකට සහන මල්ලක් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබාදී තිබෙනවා.
ඒ, එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන්.
සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ රුපියල් 4,500ක් වටිනා ආහාර ද්‍රව්‍ය 11ක් අඩංගු මෙම සහන මල්ල රුපියල් 3,420කට මිළදී ගත හැකි බවයි.
එමෙන්ම අද සිට ආනයනික බිත්තරයක් රුපියල් 36 ක් වැනි සිල්ලර මිලකට අලෙවි කිරීමටද සතොස පියවර ගෙන තිබෙනවා.