/
/
title icon මෛත්‍රීගේ ප්‍රකාශය ගැන නඩුව කැඳවෙයි
මෛත්‍රීගේ ප්‍රකාශය ගැන නඩුව කැඳවෙයි
Editor
1 month ago
Share:
මෛත්‍රීගේ ප්‍රකාශය ගැන නඩුව කැඳවෙයි

ශ්‍රී ලංකා ජනරජයේ සුරක්ෂිතභාවය පිළිබඳ අධිකරණයට සුවිශේෂී වගකීමක් ඇති බැවින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය ඇතුළත් බී වාර්තාව සුදුසු කාලයක් රහස්‍ය ලේඛනයක් ලෙස පවත්වා ගැනීමට සිදුවන බව මාළිගාකන්ද මහ‍ෙස්ත්‍රාත් ලෝචිනී අබේවික්‍රම මහත්මිය අද විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා.

ඒ, පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුද යන්න තමා දන්නා බවට හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වූ නීතිකෘත්‍ය අද කැඳවූ අවස්ථාවේදීයී.

අදාළ නීතිකෘත්‍ය අද කැඳවුණේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් තොරවයි.

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තමා දන්නා බවත්, අධිකරණයෙන් නියෝගයක් දෙන්නේ නම් ඒ පිළිබඳ කරුණු හෙළි කිරීමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 5කට අධික කාලයක් ඔහුගෙන් පසුගියදා ප්‍රකාශයක් ලබා ගත්තා.

එම ප්‍රකාශය මත පදනම්ව නීතිපති උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පසුගියදා කරුණු ගොනු කළේ ඒ අනුවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required