/
/
title icon වනිඳු IPL යන්නේ නැහැ - මෙන්න හේතුව
වනිඳු IPL යන්නේ නැහැ - මෙන්න හේතුව
Editor
3 weeks ago
Share:
වනිඳු IPL යන්නේ නැහැ - මෙන්න හේතුව

ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා නොකරන බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා ⁣දෙනවා.

එසේම එම ආරංචි මාර්ග උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ වනිඳු හසරංගගේ වම් වළලුකර ආශ්‍රිතව ඇති ආබාධ තත්ත්වය සඳහා ඔහුට විවේක ගැන්වීමට අවශ්‍ය බවයි.

මේ අනුව ප්‍රතිකාර සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී ඔහු මෙම අවස්ථාවේ විවේකගැන්වීම වඩාත් සුදුසු බවට විශේෂඥ උපදෙස් ලැබී ඇති බවද එම වාර්තා පෙන්වා දී තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required