/
/
title icon තුන්සක රියේ ගිය දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ
තුන්සක රියේ ගිය දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ
Editor
1 month ago
Share:
තුන්සක රියේ ගිය දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකුට මොරගහහේන මාලොස්ඇල මංසන්ධියේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක්  වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. 

මොරගහහේන පොලීසිය කියා සිටියේ සිද්ධියෙන් පන්නිපිටිය කිරිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ සහ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගොස් ඇති බවයි. 

වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව බරපතල තුවාල ලබා සිටි ඔවුන් හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ. 

ඔවුන් දෙදෙනා මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ බවට තොරතුරු වාර්තා වන බවයි පොලීසිය කියා සිටියේ. 

ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ba568d7a4b5cdd5dffe6794c1235d127.png
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required