
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි මස 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඊට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය මෙම නියෝගය සිදු කරනු ලැබුවා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඇප ඉල්ලීම එහිදී ප්‍රතික්ෂේප කෙරුණා.