/
/
title icon ෆොක්ස්හිල් අනතුර ගැන සොයන්න සත් පුද්ගල කමිටුවක්
ෆොක්ස්හිල් අනතුර ගැන සොයන්න සත් පුද්ගල කමිටුවක්
Editor
1 week ago
Share:
ෆොක්ස්හිල් අනතුර ගැන සොයන්න සත් පුද්ගල කමිටුවක්

දියතලාව ෆොක්ස්හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා සත්පුද්ගල කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබෙනවා.

මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම කමිටුව පත්කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා ප්‍රකාශ කළා.

අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

විශේෂ විමර්ශන කමිටුව විසින් අනතුරට හේතු පාදක වූ කරුණු මොනවාද ? වගකිව යුතු අයවළුන් කවුරුන්ද ? තරගාවලිය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් ආරක්ෂාව තහවුරුකොට තිබුණේද ? ධාවන පථයේ ප්‍රමිතිය සැබැඳිව වගකිවයුතු පාර්ශව / ආයතන නිසි පරිදි ක්‍රියා කර තිබුණේද ? සහ ඉදිරියේදී එවැනි අනතුරු සිදුවීම වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග කවරේද ? යන්න ඇතුළු කරුණු ගණානාවක් පිළිබඳව සොයා බැලීමට නියමිතයි.

පසුගිය ඉරිදා පස්වරුවේ දියතලාව ෆොක්ස්හිල් මොටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරින් 21 දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන්ගෙන් 15 දෙනෙකු දියතලාව මුලික රෝහලේත් තිදෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලේත්  ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ආරක්ෂක පස්වලල්ල මත ප්‍රේක්ෂකයින් රැඳී සිටිමින් තරගය නරඹමින් සිටින අවස්ථාවේ දී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව යුද හමුදාව පැවසුවා.

කෙසේවෙතත් මෙම අනතුර සම්බන්ධයෙන් රේසින් කාර් රියදුරන් දෙදෙනෙකු ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා අප්‍රේල් මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required