නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරකින් තුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි සහ 20 හැවිරිදි වියේ පසුවන මිරිහාන සහ මාදිවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
පොලීසිය පවසන්නේ කිඹුලාවල ප්‍රදේශයේ සිට නවරෝහලට දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබූ දෙදෙනා ජයවර්ධනපුර සහ කළුබෝවිල රෝහල් වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
පැදිකරුවන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.