/
/
title icon මුහුද රළුයි - පරෙස්සමෙන්
මුහුද රළුයි - පරෙස්සමෙන්
Editor
2 weeks ago
Share:
මුහුද රළුයි - පරෙස්සමෙන්

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් ර තිබෙනවා. 

ඒ අනුව, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයවල මුහුදු රළ, උස මීටර් (2.5 -3.0) ක් පමණ සහ තරංග කාලය තත්පර (12 - 16) ක්  පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව එහි සඳහන්. 

එසේම කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතිනවා. 

එබැවින්, කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශය විටින් විට රළු විය හැකියි. 

එම නිසා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල ‍යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required