/
/
title icon අද ඇරඹුණු සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බරයේ
අද ඇරඹුණු සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බරයේ
Editor
1 week ago
Share:
අද ඇරඹුණු සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බරයේ

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර ඇගයීම් ක්‍රියාවලිය සඳහා පරික්ෂකවරු 35,000ක් පමණ අවශ්‍ය වන බවයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ ⁣කෙරුණා.

විභාගය අද සිට ලබන 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වීමට කටයුතු සලසා තිබෙනවා.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required