ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් සිදුකෙරුණා.
එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් සහ විපක්ෂව ඡන්ද 59ක් හිමිවුණා.
ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 44කින් සම්මත වූ බවයි.
ඉන් අනතුරුව කාරක සභා අවස්ථාවේ කටයුතු ආරම්භ කෙරුණා.