
බැද්දවෙල සිට බණ්ඩාරවෙල දක්වා ගමන් ගත් ශ්‍රී ලංගම බස් රථයක් හල්පේ ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ හෝටලයක තාප්පයේ ගැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
බස් රථයේ කාර්මික දෝෂයක් නිසා අනතුර සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
අනතුරින් තුවාල ලැබූවන් දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාලකරුවන් අතර කාන්තාවන් 04 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන්
05 දෙනෙකු වන බවයි වාර්තා වන්නේ.