/
/
title icon
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රොත්තක් හෙට සහ අනිද්දා වැඩ වරයි
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රොත්තක් හෙට සහ අනිද්දා වැඩ වරයි
News Editor
1 year ago
Share:
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රොත්තක් හෙට සහ අනිද්දා වැඩ වරයි

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් හෙට (08) සහ අනිද්දා (09) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට පමණක් ලබාදී ඇති රුපියල් 25,000ක දීමනා ඉහළ නැංවීම සියලුම රාජ්‍ය සේවකයින්ට ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.

ග්‍රාම නිලධාරි, මිනින්දෝරු, සංවර්ධන නිලධාරි, තැපැල් ඇතුළු රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති රැසක් මෙම ක්‍රියාමාර්ගය සඳහා එක්වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළා.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය පළකරමින් අද පස්වරු 4 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවා.

1980 වැඩ වර්ජනයෙන් පසුව මෙරට තුළ ක්‍රියාත්මක වන දැවැන්තම වැඩවර්ජනය බවට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පත්වනු ඇති බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර මහතා සඳහන් කළා.

මේ අතර, ගුරු-විදුහල්පති වෘත්තීය සමිතිද ලබන 9 වනදා අඟහරුවාදා දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පැවසුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required