
අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා කියා සිටියේ සංගමය රැස් වී ගත් තීරණයකට අනුව මෙලෙස පාන් මිල අඩු කෙරෙන බවයි.
කෙසේ වෙතත්, පාන් මිල හැර අනෙකුත් බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නා.