/
/
title icon
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ලකුණු 231ක ඉලක්කයක්
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ලකුණු 231ක ඉලක්කයක්
Editor
10 months ago
Share:
ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ලකුණු 231ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේදී කඩුළු 08ක් දැවී ලකුණු 230ක් ලබා ගත්තා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් සාර්ථක වූයේ පැතුම් නිශ්ශංක සහ දුනිත් වෙල්ලාලගේ පමණයි.

සිය මංගල අර්ධ ශතකය වාර්තා කරමින් දුනිත් වෙල්ලාගේ නොදැවී ලකුණු 67ක් රැස්කළ අතර, පැතුම් නිශ්ශංක ලකුණු 56ක් ලබා ගත්තා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required